රස්සාව කරන්නෙ ගෙදරින් ටිකක් ඈත නිසා ගෙදර යන්නෙ සති අන්තෙට විතරයි. සඳුදා උදේම කෝච්චියෙන් කොළඹ ගිහින් සිකුරාදා හවස කෝච්චියෙන් ගෙදර යන එක දැන් සාමාන්‍ය දෙයක් වෙලායි තියෙන්නෙ. කෝච්චියෙන් බැහැලා තාත්තාගෙත් එක්ක ගෙදරට ලංවෙද්දි පොඩිඋන් දෙන්නා උඩ පැන පැන නටන විදිය දකිද්දි දැනෙන හැඟීම කියාගන්න වචන නෑ. පස්සෙ පස්සෙ පොඩිඋන් දෙන්නා ස්ටේෂන්එකට එන්න පටන් ගත්තා තාත්තා එක්ක.
පහුගිය සති අන්තය මට ගෙදර යන්න බැරි වුනා රාජකාරි ස්ථානෙ පුහුණුවකට සහභාගි වෙන්න සිදුවුනු නිසා. ඉතින් බදාදා විතර කෝල් එකක් අරන් පොඩි අයට කීවා මේ සිකුරාදා එන්න වෙන්නෙ නෑ කියලා. ඒ වුනාට එයාලාට ඒක තේරුණේ නැති බව මට හිතුනා.
මේ සතියෙ දවසක දරුවන්ට කෝල් එකක් ගත්තම පුතා ඇහුවා "තාත්ති කොහෙද තාත්ති ඉන්නෙ?" කියලා. මම කීවා "බෝඩිමේනෙ ඉන්නෙ" කියලා. ඒගමන පුතා කියනවා " අපි එන්නම් ඔයා බලන්න" කියලා. දුව කියනවා "තාත්තිව එක්කන් එන්න අපි එන්නම්" කියලා.
ආයෙ දවසක් වීඩියෝ කෝල් එකක් ගත්තම ආන්සර් කරලා ෆෝන් එක උස්සන් හිනාවෙවී ගේ ඇතුලෙ එහාට මෙහාට දුවනවා.
අද උදේ වයිෆ් කියනවා "දුව මේ දවස් ටිකේම අවුලෙන් හිටියෙ" කියලා.
No comments:
Post a Comment
මම දන්නවා ඔබ ආ බව. හිතෙන දේ කියලා යන්න පුංචි වෙලාවක් ගන්න....